Wednesday 25 November 2015

කැප්පෙටිපොල දිසාවේ හෙවත් වීර කැප්පෙටිපොල


රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පැටිපොල තමයි කැප්පෙටිපොල වීරයාගේ සම්පූර්ණ නම. ඔහු උපන්නේ මාතලේ මොණරවිල නම් ගමේය.

කැප්පෙටිපොල ශ්‍රී ලංකාවේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන කාලයේ දිසාවේ කෙනෙක් ලෙස සේවය කලේය. 

ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට යටත් වූ පසුවද ඔහු ඔවුන් යටතේ දිසාවේ කෙනෙක් ලෙස වැඩ කලේය.

1818 දී ඌව වෙල්ලසේ ජනතාව ඉංග්‍රීසින්ගේ පාලනයට විරුද්ධව නැගී සිටියේය. 

මේ කැරැල්ල පාලනය කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව කැප්පෙටිපොලට භාර දුන්නේය. 

ඒ වුනාට කැප්පෙටිපොල දිසාවේ කැරලි නායකයන් සමග එකතුවී එම කැරැල්ලට නායකත්වය දුන්නේය.

මේ නිසා කැරැල්ල පැරදවූ ඉංග්‍රීසි ආණ්ඩුව කැප්පෙටිපොල ඇතුළු අනෙක් කැරලි නායකයින් වැරදි කරුවන් කොට හිසගසා මරා දැමිය. 

එය සිදුවුයේ 1818 නොවැම්බර් 25 වෙනිදාය.


තමන්ගේ රට වෙනුවෙන් සටන්කර මියගිය නිසා කැප්පෙටිපොල දිසාවේ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙස සලකයි.