Saturday 26 September 2015

නුවර පෙරහැර

නුවර පෙරහැර
නුවර පෙරහරට කියන නමක් තමයි ‘නුවර ඇසල පෙරහැර’. නුවර පෙරහැර ලංකාවේ  තිබෙන  පරණම සහ ලොකුම ආගමික උත්සවයක්. මේ පෙරහරේ නැටුම් කාරයෝ, කස කාරයෝ, ඇඳුම් අන්දපු අලියෝ, බෙර කාරයෝ වගේ අය යනවා .
නුවර පෙරහැර තියන්නේ ජුලි මාසයේ. නුවර පෙරහැර තියෙනවා දවස් දහයක් පමණ. හැම දාම රාත්‍රියට පෙරහැර නුවර නගරයේ පාරවල් වල සංචාරය කරනවා. එයට ඇසල පෙරහැර කියල කියන්නේ, සිංහල මාස ක්‍රමයට අනුව එය පැවැත් වෙන්නේ ඇසල මාසයේ දි වීමයි.
 නුවර ඇසළ පෙරහැර බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවට ගෞරව කිරීමට සිදු කරනු ලැබේ. පෙරහැර දෙවියෝ සතර දෙනෙක් සැමරීම සිදු කරයි :  නාත, විෂ්ණු, කතරගම, පත්තිනි දේවතාවිය ඒ අයයි. මේ අය සතරවරම් දෙවියන් ලෙස හඳුන් වයි.
 
 මෙම නුවර පෙරහැර නුවර මාළිගාවේ පිටත සිට පටන්ගනී. පෙරහැරේ අරමුණ වන්නේ බෝග සඳහා වැසි ලබා ගැනීම සහ ඉඩම් සශ්‍රීක කරගැනීමයි.

ලිව්වේ: ලසිත් කුලසේකර

2 comments: